News7

 

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2021 වර්ෂයේ පළමු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම දොන් බොස්කෝ ආයතනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් 2021.01.26 දින පවත්වන ලදී. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා සම්බන්ධීකරණ කමිටු සභාපති කේ.පී. එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වන ලදී. නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති චමින්ද ප්‍රදීප් රණවීර මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය නිළධාරීහු රැසක්ද මෙම අවස්ථාවට එක් වූහ. මෙහිදී පිළිැනීමේ කථාව හා අරමුණ පැහැදිළි කල ප්‍රාදේශීය ලේකම් තුමන් පවසා සිටියේ ග්‍රාමීය හා ආයතන මට්ටමින් ඇති ගැටළු කල්වේලා ඇතිව සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදීමට කටයුතු කරන්නේ නම් ඒ සදහා විසදුම් කඩිනමින් ලබා දිය හැකි බවයි. ඒ හරහා මෙම කමිටුවේ ඵලදායිතාව ඉහල නංවාගත හැකි වන බවද ඔහු සඳහන් කරන ලදී. මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී .එස් .කුමාරසිරි මහතා පවසා සිටියේ මැතිවරණ සමයේ විවිධ පුද්ගලයින් වෙනුවෙන් උදවු කල පිරිස් සිටියද දැන් ඒ් සියල්ල අමතක කර ප්‍රදේශයේ සංවර්ධනය සඳහා සියළු දෙනාම එක්ව කටයුතු කල යුතු බවයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව "ගම සමග පිළිසදරක් වැඩ සමග යලි ගමට" වැඩසටහන හරහා විවිධ ක්ෂේත්‍ර යටතේ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමා පැවසීය.

මෙහිදී 2021 වසර සදහා "වැඩ සමඟ යලි ගමට" වැඩසටහන යටතේ ග්‍රාමීය මට්ටමින් ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා 1015 ක් ඉදිරි කටයුතු කිරීම සඳහා අනුමත කරන ලදී. මෙයට අමතරව ආයතනික මට්ටමින් ඇති ගැටළු මෙන්ම ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා ගත යුතු තීන්දු රැසකටද එළඹෙන ලදී. තරුණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මෙන්ම රංග ශාලාවක් ඉදිකිරීමටද මෙහිදී යෝජනා ඉදිරිපත් කරන ලදී. එමෙන්ම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටළු රැසකටද විසදුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. "වැඩ සමඟ යළි ගමට" වැඩසටහන සාර්ථක කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු වසම්භාර නිළධාරීන් විශාල සහයෝගයක් ලබා දුන් බවත් ඒ් වෙනුවෙන් සිය ස්තුතිය ප්‍රකාශ කරන බවත් උපසභාපති තුමන් පැවසීය. ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ සංවර්ධන අංශයේ කාර්ය මණ්ඩලය මෙම රැස්වීම සංවිධානය කරන ලදී.

News & Events

22
Feb2021

ඉඩම් කච්චේරිය...

ඉඩම් හිමිකමක් නොමැති අය සදහා හිමිකම් පත්‍ර...

News & Events

22
Feb2021
 ඉඩම් කච්චේරිය...

ඉඩම් කච්චේරිය...

ඉඩම් හිමිකමක් නොමැති අය සදහා හිමිකම් පත්‍ර...

04
Feb2021
රුක් රෝපණ වැඩසටහන..

රුක් රෝපණ වැඩසටහන..

73 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව...

04
Feb2021
සම්බන්ධීකරණ කමිටු රැස්වීම..

සම්බන්ධීකරණ කමිටු රැස්වීම..

  නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2021 වර්ෂයේ...

03
Feb2021
කොරෝනා මෙහෙයුම් කමිටුව..

කොරෝනා මෙහෙයුම් කමිටුව..

කොට්ඨාශය තුල ඇති වී තිබෙන අවදානම් තත්ත්වය...

Scroll To Top